Tuesday, October 22, 2024
Follow Us
ඉන්ධන මිල වැඩි වෙයි

ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසය.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසිනි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන්වේ.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 231ක් ලෙසටය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිකර ඇති මිල ගණන්වලට අනුව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ යනු ඇතැයි සදහන් කෙරේ.

Capture 6