Tuesday, October 22, 2024
Follow Us
ජාතික රූපවාහිනියෙන් හා කර්මාන්ත මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ජාතික ව්‍යාපෘතියක්

ජාතික රූපවාහිනිය මේ රටේ නිෂ්පාදන ආර්ථිකය හා බද්ධව කටයුතු කරන ආයතනයක් බවත්, නිෂ්පාදන ආර්ථිකයේ ඇති වී තිබෙන නැඟිටීම්, බිඳවැටීම් මෙන්ම ආදර්ශයන් රටේ ජනතාව සමඟ සංවාදශීලිව හුවමාරු කරගැනීමට ජාතික රූපවාහිනියට හැකි වී තිබෙන විශ්වාස කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජාතික රූපවාහිනිය හා කර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධාන කරන Industry Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

දේශීය යන්ත්‍රණය මූලික කරගනිමින් දේශීය කර්මාන්තකරුවා නව තාක්ෂණය හා යාවත්කාලීන කරමින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ප්‍රවර්ධනය කිරීමේ රජයේ අපේක්ෂාව පෙරදැරිව මේ වැඩසටහන ආරම්භ කර තිබේ.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහත්වරුන් අත්සන් තැබූ අතර, අනුග්‍රාහක ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසාද් සමරසිංහ මහතා සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරි කෙනඩි මයිකල් මහතා අතර සිදු විය. මේ අවස්ථාවට බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුවද එක්ව සිටියහ.

ඇමැතිවරයා එහිදී මෙසේද කීවේය:

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමැතිවරයාව සිටියදී සකස් කළ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් මෙරට කර්මාන්ත ජාත්‍යන්තර වෙළෙපොළට ගෙන යන්න අවශ්‍ය සහාය දෙනවා. මෙරට කර්මාන්ත සඳහා විදේශ ආයෝජකයන් හවුල් විය යුතුයි. ඔවුන්ගේ සහාය ගැනීමට නම් අප ත්‍යාගශීලි විය යුතුයි; ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. රටට විදේශ විනියමය ගෙන ඒන ව්‍යසායකයන් රැසක් සිටිනවා. මේ අය දිරි ගන්වන්න අවශ්‍ය්‍යි. ඒ අයට අතහිත දෙන්න, දිරි ගන්වන්න මාධ්‍ය කටයුතු කළ යුතුයි.

“දේශීය යන්ත්‍රණය මුල් කරගනිමින් දේශීය කර්මාන්තකරුවා නව තාක්ෂණය හා යාවත්කාලීන කරමින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ප්‍රවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එය පෙරදැරිව ජාතික රූපවාහිනිය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්ප්‍රදායික කතිපයාධිකාරි වෙළෙඳපොළ සෑම අවස්ථාවකම ක්‍රියාත්මක වන්නේ තරගකාරිත්වය මතයි. වෙනස් දේ වැඩයෙන් කරන තරමට ආකර්ෂණයක් ඇති කරගත හැකි යැයි කීවේය.

මේ අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.