Tuesday, October 22, 2024
Follow Us
තිරුඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි වෙයි

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රුපියල් 16 සිට රුපියල් 27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රුපියල් 6 ක බද්දකුත් පැනවීමට කටයුතු තළ බවයි.

මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහල යාමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.