Tuesday, October 22, 2024
Follow Us
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම් කඩිනමින් කෙරේ

දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15 ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජුලි මාසයට අදාළ මුදල් අද (28) බැංකු වෙත බැර කිරීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එමෙන්ම තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරනු ඇත. අඟහරුවාදා සිට ප්‍රතිලාභින්ට බැංකු මගින් මුදල් ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරනු ඇත.
වැරදි තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරනු ඇත. කිසිම සුදුසු පුදගලයෙක් මගනොහැරෙනසේ රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.