Tuesday, October 22, 2024
Follow Us
ආනයන සීමා ඉවත් කරන්නේ දැඩි අධික්ෂණය කිරීමකින් පසුවයි

ආර්ථික අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 3000 කට වැඩි ප්‍රමාණයකට ආනයන සීමා පනවා තිබුණද , විටින් විට එම ආනයන සීමා ඉවත් කරනු ලබන්නේ සියලු කරුණු පිළිබඳව දැඩි අධික්ෂණයකින් පසුව බවත්, එම සීමා ලිහිල් කිරීම මගින් යළි ආර්ථික අර්බුදයක් ඇතිවීමට ඉඩක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අවිස්සාවේල්ල රාජ්‍ය සේවා නිලධාරීන්ගේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ අන්තර් පාසැල් ආරාධිත වොලිබොල් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මෙහිදී අමාත්‍යවරයා පැවසූයේ සෘණ තත්ත්වයේ තිබූ ඩොලර් සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 03 දක්වා වර්ධනය වී ඇති බවයි. රටකට දිගින් දිගටම ආනයන සීමා පනවාගෙන ඉදිරියට ගමන් කළ නොහැකි බව ද අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.