Tuesday, October 22, 2024
Follow Us
ලීසිං සමාගම්වලට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

කල්බදු මූල්‍යකරන විධිවිධාන යටතේ විකුණු උපකරණයක දීමනා සන්තකය ලබා ගැනීමට හිමිකම් ලබන්නාවූ බදු දීමනාකරු (කල්බදු/ලීසිං සමාගම) වාහන අත්පත්කර ගැනීමේ දී පහත අනුව කටයුතු කළ යුතුය.

1. අත්පත්කර ගැනීමට ප්‍රථම අදාළ පොලිස්ථානය වෙත දැනුම්දීම.
2. ඒ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ දී සාමය කඩවීම වළක්වාලීම සඳහා එම පොලිස්ථානයේ පොලිස් නිලධාරියකුගේ සහය ලබා ගැනීම.
3. කල්බදු/ලීසිං උපකරණය සන්තකය ඇති තැනැත්තාගෙන් (මිලට ගත් අය) ප්‍රතිරෝධ පෑමක් නොමැතිව අත්පත්කර ගැනීම.