Tuesday, October 22, 2024
Follow Us
සීනි බදු වංචාවේ බදු අය කර ගැනීම නොවැම්බර් පාර්ලිමේන්තුවට

සීනි බදු වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය පවතින නීතිමය වපසරිය තුළ උපරිම මැදිහත්වීමක් සිදු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිද්ධියට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නිලධාරීන් සමග දීර්ඝ කරුණු සොයා බැලීමකින් පසුව බදු අය කර ගැනීම පිළිබඳ වාර්තාවක් කැඳවූ බවයි.

එහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ පවතින නීතිය යටතේ වංචාවට අදාළ සමාගම් මගින් ලබා ගත් අධික ලාභයට අදාළ ආදායම් බදු අය කර ගැනීම පමණක් සිදු කළ හැකි බවයි.

ඒ අනුව ඊට අදාළ පැහැදිලි කිරීම තමා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ බව සඳහන් කළ අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාව 2022/11/09 දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර ඇති බවයි. එම බදු මුදල් අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ද කියා සිටියේ ය. එම ආදායම් බදු අය කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ අදාළ වාර්තාවක් ලබන නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් එය ඉතා වැදගත් කරුණක් වන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සීනි බදු වංචාව සහ එම බදු අය කර ගැනීම පිළිබඳ තමන් වෙත ලබා දුන් මූලික වාර්තාව එම කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා වහාම ලබා දීමට සූදානම් බවත් අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කළේ ය.