Tuesday, October 22, 2024
Follow Us

සැප්තැම්බර් මස පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජූනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගැණුනි.

-Dinamina