Tuesday, October 22, 2024
Follow Us
ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල 15% කින් ඉහළට

කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට රුසියාව ඉඩ ලබානොදීමත් සමග ලෝකයේ තිරිඟු පිටි මිල සියයට 15 කින් ඉහළ ගොස් තිබෙනවා.

රුසියාවේ මෙම තීරණය හරහා ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතින බවයි විශ්ලේෂකයින් සඳහන් කළේ.

යුක්රේනය සමග පැවති ගිවිසුම උල්ලංඝණය කරමින් කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට ඉඩ ලබනොදෙන බව රුසියාව ප්‍රකාශ කළා. ලොව ධාන්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් දෙකක් ලෙස යුක්රේනය සහ රුසියාව හැඳින්වෙනවා.

කෙසේ වෙතත් බි්‍රතාන්‍ය චෝදනා කළේ රුසියාව ධාන්‍ය ප්‍රවාහනය කරන නැව් වලට අමතරව, මගී ප්‍රවාහනය කරන නෞකාවලටත් කළු මුහුද හරහා ගමන් කිරීමට ඉඩ ලබානොදෙන බවයි.

බි්‍රතාන්‍ය බුද්ධි අනාවරණ කළේ මගී නෞකා පුපුරා යා හැකි ආකාරයට රුසියාව කළු මුහුදට මුහුදු බෝම්බ එක් කර ඇති බවයි

-Aruna