Tuesday, October 22, 2024
Follow Us
ලබන මාසයේ උද්ධමනය තනි ඉලක්කමකට - රාජ්‍ය මුදල් ඇමැති
උද්ධමනය ලබන මසදී 8%ක ප්රතිශතයක් දක්වා අඩු කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නිර්ණායක අනුගමනය කිරීම මගින් මෙරට උද්ධමනය ලබන මසදී 08%ක් දක්වා පහත බසිනු ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
සියයට 65 ඉක්මවූ මෙරට උද්ධමනය මේ වන විට 14% ක පමණ ප්රතිශතයක් දක්වා පහත හෙළීමට හැකිවුණේ රජයේ නිවරැදි ආර්ථීක කළමණාකරණ ප්රතිපත්ති හේතුවෙන් යැයි ද ඒ මහතා පැවසීය
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) මහනුවරදී පැවති ජාත්යන්තර මූල්ය අරමුදල, ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳව වෘත්තියවේදීන්, නිලධාරීන්, ව්යාපාරිකයන්, විශ්ව විද්යාල සිසුන් හා මාධ්යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.
සැලකිය යුතු ප්රතිශතයක් කරා උද්ධමනය පහත දැමීමට හැකියාව ලැබුණේ ජාත්යන්තර මූල්ය අරමුදලේ උපදේශන නිසි අයුරින් පිළිපැදි නිසා යැයි කී ඒ මහතා රටවල් 190ක නියෝජනයක් සහිත එම අරමුදල රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට උපදෙස් දෙනු මිස කිසිදු අයුරකින් රටකට කොන්දේසි පනවන්නේ නැතැයි ද පැවසිය.
මෑතකදී සිදුකළ ණය ප්රතිව්යුහගතකරණය මගින් බැංකු ගිණුම්වල මුදල් රජය කපා ගනු ඇතැයි ඇතමුන් පැවසුවත් රජයක් එවැනි තීරණවලට කිසිසේත්ම නොඑළඹෙන බව ද දළ ජාතික නිෂ්පාදිතයෙන් 128%ක් වන ණය බර ණය ප්රතිව්යුහගතකරණය මගින් 95%ක් දක්වා අඩු කර ගැනිම කළ බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය
මෙම කඩඉම් පසු කිරීම මගින් ජාත්යන්තර මූල්ය අරමුදලේ මීළග ණය වාරිකය ලබා ගැනිම පහසුවන බවත් ආර්ථික කළමණාකරණ අංශයෙන් ශ්රී ලංකාව මේ වන විට ප්රශස්ත මට්ටමක් කරා පැමිණ ඇතැයි ද අමාත්යවරයා පැවසීය. අර්බුදයට පත්ව යළි ගොඩැනැගෙන රටවල් අතුරන් වඩාත් යහපත් නිදර්ශනයක් වශයෙන් ශ්රී ලංකාව ලෝක සම්භාවනාවට පත්වී ඇතැයි ද රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.