Tuesday, October 22, 2024
Follow Us
සංචාරක ක්ෂේත්‍රයේ පසුගිය වසරට වඩා 45%ක වර්ධනයක්

මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 45.1 ක වර්ධනයක් බව එම වාර්තාවේ සඳහන් වී ඇත.

පසුගිය වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 679.6 මුදලක් උපයා තිබිණ.

එසේම මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 158.4 මුදලක් ශ්‍රී ලංකාව උපයා ඇති අතර එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව මහ බැංකුව පෙන්වා දී තිබේ.