Tuesday, October 22, 2024
Follow Us
ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසා සිටියේ, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කළ බවයි.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 37 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් කීය.

එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2982 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව පහත දැමූ සිව්වන වතාව වන බවත් මුදිත පීරිස් පැවසීය.

Aruna