Tuesday, October 22, 2024
Follow Us
පෞද්ගලික විශ්වවාද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත සිසුන්ට ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ මීළඟ අදියර සඳහා අයදුම්පත් කැඳවිම හෙට දිනයෙන් පසුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව, 2019, 2020 සහ 2021 යන වර්ෂවල පැවති උසස් පෙළ විභාගයෙන් සමත්වූ සිසුන්ගෙන් එම පිරිස තෝරා ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තාක්ෂණික පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.