Tuesday, October 22, 2024
Follow Us
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියගෙන් සහතිකයක්

ණය පීඩනය බෙදා ගැනීමේ පියවරක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය එක හා සමානව ලබාගෙන ඇති බවය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන දෙන ලෙස ඉල්ලා සිටින මේ අවස්ථාවේදී දේශීය ණය ද ප්‍රශස්තිකරණයේ වගකීම රජය සතුව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.

ප්‍රශස්තිකරණයකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යාමට නම් ආදායම් ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් බදු පැනවීම හෝ වියදම් කප්පාදු කිරීම ඒ අනුව සිදුකළ යුතු බව පැවසීය.

මෙය පොදු ගැටලුවක් සේ සලකා අද දිනය තුළ පාර්ලිමේන්තුවේ පැවැත්විය යුත්තේ විවිදයක් හෝ ඡන්ද විමසීමක් නොව පුළුල් සාකච්ඡාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

1950 වන විට මෙරට ණයබරතාව දැක්වුණේ රුපියන් මිලියන 654ක් ලෙසය. එය දළ‌ දේශීය නිෂ්පාදිතයෙන් 16.5%කි. 1975 වන විට ‌මෙරට ණයබරතාව රුපියල් මිලියන 1564ක් ලෙස දැක් වුණේ 1950ට සාපේක්ෂව 54.8%ක වර්ධනයක් ද පෙන්වමිනි. 2000 වසර වන විට එම ණයබරතාව මිලියන 1218700ක් ලෙස දැක්වුණ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 96.9%ක් ලෙස සටහන් විය. 2022 වන විට සමස්ත ණයබරතාව දළ ‌දේශීය නිෂ්පාදිතයෙන් 128%ක් දක්වා ඉහළ ගියේ ය. 1950ට සාපේක්ෂව 2022 වන විට ණයබරතාව 47282 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. 1959 සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට ජනගහනය 9,600,000 පමණ වූ අතර ණයබරතාව දැක් වුණේ රුපියල් මිලියන 1867කි. ඒක පුද්ගල ණයබරතාව 193.97ක් ලෙස සටහන් විය. අද වන විට ජනගහනය 22,000,000 ඉක්මවා ඇති අතර ණයබරතාව බිලියන 26040කි. ඒ් අනුව ඒ්ක පුද්ගල ණයබරතාව රුපියල් 1,173,976‌ ලෙස දැක් වෙන බව අමාත්‍යවරයා පැවසීය.

1960 දී 22%ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2022 වන විට 8.3% දක්වා පහළ ගිය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමට සිදු වන්නේ මෙවැනි පසුබිමක් තුළ බව සඳහන් කළ අමාත්‍යවරයා , 2035 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණයබරතාව 95% දක්වා අඩු කර ගැනීම අපේක්ෂාව බව කීය.