Tuesday, October 22, 2024
Follow Us
ඊ - බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ 3කින් ඇරඹේ

ඩිජිටල් ආකාරයෙන් හෙවත් ඊ-බිල්පත් ක්‍රමවේදය ඔස්සේ විදුලි බිල්පත් ලබාදීමේ වැඩපිළිවෙළේ මීළඟ අදියර ජුලි 01වැනිදා දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.

ඒ අනුව විදුලි බිල්පත් SMS හෝ ඊ-මේල් හරහා ඩිජිටල් ආකෘතියෙන් යුත් බිල්පතක් ලෙස ලබාදීමට පියවර ගැනේ.

මෙම අදියරේ දී දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව ක්‍රමානුකූලව මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා දැමීම සිදුවේ.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමක්‍රමයෙන් අත්හිටුවනු ඇති බැවින්, මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස දිවයින පුරා සිටින සියලුම පාරිභෝගිකයන්ට දැනුම් දීමක් කෙරේ.

SMS මාර්ගයෙන් ලියාපදිංචි වීමට, REG<හිස්තැනක්> පසුව ඔබේ A/C අංකය ටයිප් කර 1987 යොමු කළ හැකිය.

මාර්ගගතව ලියාපදිංචි වීමට, http://ebill.ceb.lk වෙත පිවිස උපදෙස් අනුගමනය කරන්න.

මෙම මුලපිරීම මගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.