Tuesday, October 22, 2024
Follow Us
එළවළු මිල ඉහළට

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද අද (23) උදෑසන ඉහළ මට්ටමක පැවතුණ බව පාරිභෝගිකයින් පවසයි.

මේ අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද සමගාමීව ඉහළ ගොස් තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග සීමා වී ඇති අතර ඒ සමග එහි එළවළු මිලද ඉහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණි.

-Aruna