Tuesday, October 22, 2024
Follow Us
ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කරනවා- මුදල් රාජ්‍ය ඇමැති

ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජළු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද පෙරවරුවේ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟාතා 62 කින් මේ වන විට ඉටුකර ඇත්තේ එකඟතා 25 ක් පමණක් වන බවට සමහරුන් චෝදනා කළද, ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් පත් කර ඇති බවත්, ඔවුන් සඳහන් කරන ආකාරයට ක්‍රියාකාරී සැලැස්ම කාලරාමුවත් සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් සඳහන් කළා.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි ඉලක්ක කර ාගමන් කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන් ලබා දුන් වැරදි උපදෙස් හේතුවෙන් අහිමි වී ගියා. එම නිසා ඉදිරියේදී කිසියම් රජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යෝජනාවක් නැවත වෙනස් කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවෙ විශේෂ අනුමැතියක් ලබා ගත යුතු බවට පනතක් ඉදිරිපත් කර තිබෙනවා.”