Tuesday, October 22, 2024
Follow Us
ජංගම දුරකථන මිල ගණන් ගැන ගත් තීරණය

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.

 එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ අඩු මිලට කිසිදු ජංගම දුරකථනයක් හෝ උපාංගයක් ලබාදිය නොහැකි බවයි. 

එමෙන්ම මීට පෙර රුපියල් 1500ට අලෙවි කළ මූලික ජංගම දුරකථනය තවමත් පවතින්නේ රුපියල් 4500 සීමාවේ බවද ඔහු පෙන්වා දෙයි.  

ඩොලරයේ අගය අඩු වීමෙන් පසු මහා පරිමාණ ආනයනකරුවන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය පවසයි.

-Aruna