Wednesday, October 23, 2024
Follow Us
උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී 25.2% ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව 10.1% කින් පහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය 21.5% දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව 9.1% ක පහළ යාමක් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.