Wednesday, October 23, 2024
Follow Us
යුරියා පොහොර තවත් අඩු වෙයි

ඉදිරි සති දෙක ඇතුළත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු ප්‍රකාශ කළේ එම යූරියා පොහොරවල මිල රුපියල් 500ක් හෝ ඊට ආසන්න ගණනකින් අඩු වනු ඇති බවයි.

ආරම්භ වූ යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ගොවීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙවර තුන්වන කන්නයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙරටට පැමිණෙන යූරියා නැවෙන් එන පොහොර ගොවීන්ට අඩු මිලට ලබාදෙන අතර බණ්ඩි පොහොර ද තරගකාරී මිලකට ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

හෙක්ටයාර් භාගයකට වැඩි භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට යූරියා හොන්ඩරයක් නොමිලේ ලබාදෙන අතර එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි මහින්ද අමරවීර පැවසීය.

පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 40000ක් ලබාදෙන අතර ඒ යටතේ සමස්ත ගොවීන්ට හිමිවන මුදල රුපියල් මිලියන 1000කට අධිකය.