Wednesday, October 23, 2024
Follow Us
බඩඉරිඟු බදු අඩු කළේ ත්‍රිපෝෂ සමාගම් සඳහා පමණයි

බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද කිලෝවකට රුපියල් 75 සිට රු 25 දක්වා අඩු කරනු ලැබූයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පසුගියදා (20) පැවති ක්‍රීඩා වැඩසටහනතකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම බද්ද අඩු කළඳ අනිකුත් බඩ ඉරිඟු ආනයන කටයුතු සඳහා මෙම බදු අඩු කිරීම බල නොපැවැත්වෙන බවයි.

 

එසේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට ප්‍රමාණවත් පරිදි බඩ ඉරිඟු ගෙන්වීමෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක මෙම බද්ද යළි පැනවිය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.