Wednesday, October 23, 2024
Follow Us
නව රැකියා අවස්ථා 20,000ක්

එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20,000ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් පවසයි.

ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය නූල් වර්ග සම්පූර්ණයෙන්ම මේ වන විට ආනයනය කරන අතර නව කර්මාන්ත ශාලා ආරම්භවීමෙන් පසුව 2026 වසරේදී මෙරට නූල් අවශතාවයෙන් සියයට 30ක් සම්පූර්ණවන බවද ලේකම්වරයා පැවසීය.

මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ව සිට පසුව පුනරුප්ථාපනය වූ තරුණ තරුණියන් 8000ක් උතුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ලෝරන්ස් පැවසීය.

උතුරේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගෙන් සියයට 80ක්ම කාන්තාවන් බවද ඔවුන් ගෘහයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවද ඔහු කීය.

-Aruna