Wednesday, October 23, 2024
Follow Us
බණ්ඩි පොහොර මිල අඩු වෙයි

බන්ඩි පොහොර හෙවත් MOP ( මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.



පසුගිය මහ කන්නයේ දී රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබීය. එමෙන්ම පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබිනි.

නමුත් මෙවර යල කන්නයේ දී ගොවි නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණ පෙරදැරිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ (15 ) දිනයේ සිට බන්ඩි පොහොර රුපියල් 15,000ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබේ.

බන්ඩි පොහොර නිකුත් කිරීම අඛණ්ඩව ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් සිදු කරන අතර තමන්ට පහසු දිනයක බන්ඩි පොහොර මිල දී ගැනීමට ගොවීන්ට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සළසා තිබේ.

තමන්ට වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල දී කඩිනමින් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.