Wednesday, October 23, 2024
Follow Us
නවසීලන්තයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡාවක්

නවසීලන්තයේ තිබෙන සංචාරක සමාගම් හරහා ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරකයන් ගෙන්වා ගැනීමට සහයෝගය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

එහි දී ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි සහ සංචාරක ආකර්ෂණය දිනාගෙන තිබෙන රමණීය, සුන්දර ස්ථාන, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන, ඓතිහාසික ස්ථාන ආදිය ඇල්ල, පාසිකුඩා වැනි විනෝදජනක ප්‍රදේශවලට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

එමෙන්ම නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගාල්ල, දඹුල්ල ක්‍රීඩාංගණවල තරඟ පවත්වා සංචාරක කර්මාන්තයට සහය ලබාගැනීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කර තිබේ.