Wednesday, October 23, 2024
Follow Us
රටේ බහුතර රාජ්‍ය ආයතන පාඩු ලබන විට ලංකා සීනි සමාගම ලාභ ලබයි

රටේ බහුතර රාජ්යු ආයතන පාඩු ලබන විට ලංකා සීනි සමාගම ලාභ ලබන ,සේවක සුභ සාධනය සිදුකරන, මහජනතාවට පිහිට වෙන ආයතනයක් බවට වී තිබෙන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා සෙවණගල සීනි සමාගමේ පැවති 2023 වර්ෂයේ දෙවන උක් ඇඹරුම් වාරය ආරම්භ කිරීම සහ උක් ගොවීන්ට මහවැලි ඉඩම් අවසර පත්‍ර ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

"මේ ආයතන ලාභ ලබනවා නම් සේවක මහතුන්ට සහ ගොවි මහතුන්ට ලබා දිය හැකි උපරිම සහන ලබා දිය යුතු බව මිට පෙරද මා පාලන අධිකාරිය වෙත පැවසුවා. මේ ගම් පළාත්වල සමාජ සුබ සාධන කටයුතු තිබෙනවා නම් එය උපරිමයෙන් ඉෂ්ඨ කළ යුතුය. එවිට එහි ප්‍රතිඵල උක් වගාවටත් ලැබේවි. අද උක් වගාවෙදි ගොවි මහතෙකුට මෙට්රිතක් ටොන් එකකට රුපියල් 10000ක් ලැබෙනවා. එය පසු ගිය වසර තුනක කාලය තුළ දෙගුණ වෙලා තිබෙනවා. මේ ආයතනය දියුණුවෙලා ගිය වසරේ රු බිලියන 2.5 ක ලාභයක් ලබන තත්ත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ බහුතර රාජ්‍ය ආයතන පාඩු ලබන විට මෙම ආයතනය ලාබ ලබන සේවක සුබ සාධනය කරන මහජනතාවට පිහිට වෙන ආයතනයක් වෙලා තිබෙනවා. එම ආයතන රැක ගැනීම අපේ යුතුකම ලෙස අප සලකනවා. "