Wednesday, October 23, 2024
Follow Us
නිල ණයහිමි කමිටුවක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා තිබේ.

මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.
එම පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද සහභාගී වී ඇති අතර එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් විසින් සිදුකළ බව පැරිස් සමාජය නිවේදනය කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති ප්‍රථම සාකච්ඡාව සඳහා චීනය ද සහභාගි වී තිබේ.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය ඇතුළු සියලු ණයහිමියන්ට ආරාධනා කර තිබූ බව සඳහන් ය.
අදාළ සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂකයෙකු ලෙස සහභාගි වූ බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත මසටෝ කණ්ඩා මහතා පවසයි.
ඉදිරි සාකච්ජා සඳහා චීනය පූර්ණ සාමාජිකයෙකු ලෙස සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මසටෝ කණ්ඩා මහතා සඳහන් කරයි.

මේ අතර සාධාරණ ලෙස බෙදාගැනීමේ පදනම සහිතව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවනු ඇති බවට ශ්‍රී ලංකාවේ සියලු වාණිජ සහ බහුපාර්ශවීය ණයහිමියන්ට දැනුම් දී ඇති බව චීනය පවසයි.

චින විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ (09) පැවති දෛනික මාධ්‍ය හමුවේ දී තවදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීන මූල්‍ය ආයතන සඳහා උපරිම සහාය දක්වන බවය.

මේ පිළිබඳ ස්ථීරසාර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමග සමීප සංවාදයක නිරත වන බව ද ඔහු එහි දී ප්‍රකාශ කළේය.

Aruna