Wednesday, October 23, 2024
Follow Us
තිරිඟු පිටි සහනය ඉවත් කෙරේ

තිරිඟ පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බවත් , ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනය වන තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ කිලෝවට රුපියල් තුනක් වූ රේගු බද්ධ නැවත පැනවීම මගින්, 90 % ක් තරම් වූ යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරිඟු පිටි මිල කළමනාකරණය කිරීම සිදු කරන බවයි.