Wednesday, October 23, 2024
Follow Us
විදේශ විනිමය ගෙන ආ හැකි ආයතනයක්

ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනයක් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය සඳහා රුපියල් මිලියන 1050ක් පමණ වැයකොට ඇති අතර ඒ සඳහා ඇමරිකානු ආධාර (USAID) හිමිවී ඇත.

අභිනවයෙන් විවෘත කළ වනජීවී පුහුණු ආයතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයටම සුවිශේෂී සම්පතක් බවත්, මෙම පුහුණු ආයතනය තුළ විදේශ නිලධාරීන් පුහුණු කිරීමේ මට්ටමට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

ඇය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් තිබෙන සුන්දරතාවය හඳුනන්නේ ඉතාම සුළු පිරිසක් බවයි.

ලොව බොහෝමයක් රටවල ජනතාව ශීත දේශගුණය හේතුවෙන් දුෂ්කර ලෙස ජීවත් වන නමුත් මෙරට ජනතාවට එවන් තත්වයකින් තොරව ජීවත් වීමට තරම් භාග්‍යයක් හිමිවී ඇති බවත්, ශීත දේශගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට වරක් හෝ මෙරටට පැමිණිම අතිශය සතුටුදායක තත්ත්වයක් බවත් මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය ඒ සඳහා මහඟු දායකත්වයක් සපයන ස්ථානයක් බවට පත්කළ හැකි බවත් අමාත්‍යවරිය පැවසුවාය.

වනජිවී දෙපාර්තමෙින්තුව රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ දෙපාර්තමේන්තුවක් බවත් වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් ආයතනයක් ඇති කරමින් හොඳ පුහුණුවක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මෙම ආයතනය රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත්, මෙම ආයතනයේ නඩත්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුහුණු සැසි නොමැති අවස්ථාවලදී යම් මුදලක් අයකරමින් බාහිර පාර්ශවයනට දිය හැකි නම් එමගින් එදිනෙදා නඩත්තු කටයුතු කරගෙන යාමට හැකියාව ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.