Wednesday, October 23, 2024
Follow Us
යාපනයේ කෙසෙල් අස්වැන්න නෙලීම හෙට

යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිතය.

එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට (03) පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙද පොළට අපනයනය කෙරේ. ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා ඇත.

දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබේ. එමෙන්ම ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දුන්නේය.