Wednesday, October 23, 2024
Follow Us
පළමු කාර්තුවේ බදු ආදායම 105%ක්

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත ආදායම ඉක්මවා 105% ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද සවස ඌරාපොල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා . අද දිනයේ ජාතින පුවත් පතක සඳහන් කර තිබුනේ පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් 19% පමණක් උපයා ගෙන ඇති බවයි. එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවද අමාත්‍යවරයා පැවසුවා.