Wednesday, October 23, 2024
Follow Us
එළවළු මිල තවත් පහළ යයි

සිංහල අලුත් අවුරුදු සමය නිමාවත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බොහෝ එළවළු සහ පළතුරු අලෙවි කර ගැනීමට නොහැකි වී ඇතැයි ගොවීන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එළවළු පළතුරු සියල්ලේම තොග මිල විශාල වශයෙන් පහත වැටී එළවලළු මිලදී ගැනීම සඳහා පැමිණෙන පිටස්තර වෙ‌ළෙඳුන්ගේ පැමිණීම 75%කින් පමණ අද වන විට අඩුවී ඇති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් ලැබී තිබෙන වට්ටක්කා කිලෝව රුපියල් විස්සකට හෝ අලෙවි නොවන බව ගොවීහු පවසයි.

එමෙන්ම පුදුකුඩුඉරිප්පු කිලිනොච්චිය යාපනය ආදී ප්‍රදේශවලින් පැනිකොමඩු කෙසෙල් අඹ ආදී පලතුරු වර්ග රැසක් ලැබී තිබෙන බවද එම පලතුරු මිලදී ගැනීම සඳහාද පිටස්තර වෙළෙන්දන්ගෙන් නොපැමිණීම බරපතළ ලෙස බලපා ඇති යාපනයෙන් පැමිණි ගොවීන් පෙන්වා දෙති.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග මිල ගණන් පහතින්,

ගෝවා කිලෝවක් රුපියල් 80 වත් 100 ත්

බෝංචි කිලෝවක් රුපියල් 90 වත් 110 ත් 

කැරට් කිලෝවක් රුපියල් 90ත් 110 

තක්කාලි කිලෝවක් රු 70 ත්  80ත් 

කැකිරි කිලෝවක් රු.30 කි 

නෝකෝල් කිලෝව රුපියල් අසූ 85ක් 

පිපිඤ්ඤා කිලෝවක් 30 ත්

මෑකරල් රුපියල් 50 ත් 70 ත්

වැටකොළු බණ්ඩක්කා පතෝල කරවිල ආදී එළවළු වර්ග රුපියල් 100ක් 120 අතර මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බව ගොවීන් පවසයි.