Wednesday, October 23, 2024
Follow Us
අධිවේගි මාර්ග ගාස්තු වෙනස් වෙයි

දිව­යිනේ සියලු අධි­වේගි මාර්ග­වල ගාස්තු සංශෝ­ධ­නය කර­මින් ප්‍රවා­හන ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර තිබේ.

2008 අංක 40 දරන ජාතික මංමා­වත් පනත යටතේ ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් මේ ගැසට් නිවේ­ද­නය නිකුත් කර තිබේ.

ඒ අනුව අව­මය රුපි­යල් 50 සිට ගාස්තු ඉහළ නැංවීම සිදු කර ඇති අතර, නව සංශෝ­ධ­න­යට අනුව සිය­යට 25ක පමණ ගාස්තු ඉහළ දැමී­මක් සිදු වනු ඇත.

මේ අනුව කොට්ටාව සිට කටු­නා­ය­කට නව ගාස්තුව රු. 400ක්ද කටු­නා­යක සිට හම්බ­න්තොට දක්වා නව ගාස්තුව රු. 1300ක්ද කොට්ටාව සිට ගාල්ලට නව ගාස්තුව රු. 500ක්ද ලෙස සංශෝ­ධ­නය වී ඇත.
දක්ෂිණ අධි­වේගි මාර්ගය, කටු­නා­යක අධි­වේගි මාර්ගය සහ මධ්‍යම අධි­වේගි මාර්ගය යන සියලු අධි­වේගි මාර්ග­වල රථ­වා­හන සඳහා ගෙවිය යුතු ගාස්තු මේ අනුව ඉහළ නංවා ඇති අතර සිලි­න්ඩර් ධාරි­තාව අනුව එම ගාස්තු සංශෝ­ධ­නය සිදු කර ඇති බව ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය සඳ­හන් කළේය.