Thursday, October 24, 2024
Follow Us
2022 දී දේශීය රබර් ආශ්‍රිත නිෂ්පාදන ඉහළට - අමුද්‍රව්‍ය ආනයනය පහළට

2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන ආදායම 39 % කින් ඉහළ ගොස් ඇති බවත් , රබර් අමුද්‍රව්‍ය ආනයනය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

රුවන්වැල්ලදී අද (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීග්‍රයෙන් පහළ බැසීම මෙන්ම , දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපලක් නැති තත්ත්වයක් ඇති වූ බව ද සඳහන් කළේය.

ඒ අනුව පිළිබඳව සොයා බැලීමේදී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදු කළද එය ප්‍රමාණය ඉක්මවා සිදු කිරීම නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බව හෙලි වූ බව ඒ් මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ පාර්ශව එක්ව සකස් කළ වැඩපිළිවෙළ මත 2021 දෙසැම්බර් මාසයේදී , අමුද්‍රව්‍යයක් ලෙස කළ ආනයන රබර් මෙට්‍රික් ටොන් 22000 ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය . එමෙන්ම 2021 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1050 ක්වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.