Thursday, October 24, 2024
Follow Us
සංචාරකයින් වෙනුවෙන් සති අන්ත "සීතාවක ඔඩෙසි" ළඟදීම

සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ලබන 15 සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ සම්බන්ධව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් මෙය ක්‍රියාත්මක වන ද පෙන්වා දුන්නේය

දැනට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ඇල්ල ඔඩෙසි, කැන්ඩි ඔඩෙසි වැනි සංචාරක දුම්රිය ඉතා සාර්ථිකව ක්‍රියාත්මක වන අතර මෙම දුම්රිය සේවය ද එවැනිම ආකාරයේ සතිඅන්ත සංචාරක දුම්රිය සේවයක් ලෙස සීතාවක ඔඩෙසි නමින් ආරම්භ කරන බව ද ඒ් මහතා සඳහන් කළේය.

මෙහිදී කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මගින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දර ම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ශනයක් සහිත ස්ථාන රාශියක් ද පවතිනවා.එම නිසා මේ වැදගත්කම පිළිබඳව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්. එවිට ඔවුන් තුළ මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා වැඩි උනන්දුවක් ඇති කළ හැකියි. ප්‍රදේශීය තුළ දැනට පවතින සංචාරක කර්මාන්තය තුළින් අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් බිහිවී තිබෙනවා යැයි අමාත්‍යරවයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.