Thursday, October 24, 2024
Follow Us
ලබන වසරේ රටේ ආර්ථිකය ගැන පුරෝකථනයක්

නිසි ක්‍රමවේදයන් යටතේ කටයුතු සිදුනොකිරීමෙන් මෙරට ආර්ථිකය පවත්නා තත්ත්වයන් යටතේම තවත් යම් කාලයක් පවතිනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ණය නොගෙවීම හේතුවෙන් ආර්ථිකයේ පිරිහීමක් මෙන්ම ආර්ථිකයේ වර්ධනයක් එම කාලසීමාව තුළ සිදුනොවීම ඊට හේතුව බවයි.

ඒ අනුව ආර්ථිකය ගොඩගැනීම සඳහා නිසි සැලසුම් සකස් කළ යුතු බවද ඔහු සඳහන් කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක මුදලක් ලැබෙන්නේද වසර 4 ක් තුළ අවස්ථා කිහිපයකදී බව ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් පැවසුවේ. කෙසේවෙතත් එම මුදල ශ්‍රී ලංකාවට ලැබුණද රට ගොඩනැගිය නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවන මුදල මේ වසරේදී නොලැබෙනු ඇති බවටයි දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ.

Neth