Thursday, October 24, 2024
Follow Us
IMF ණය පමාවන හේතු ගැන අනාවරණයක්

විදෙස් ණය කළමනාකරණය මෙන්ම දේශීය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්ත්වයක් ලබන වසර තුළ ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේකෂකයින් පෙන්වා දෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පැවසුවේ පවත්නා තත්ත්වයන් සැලකීමේදී මෙරට ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම සඳහා අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් ගතවීමේ හැකියාවක් පවතින බවයි.

පැරිස් සමාජය හැර ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති අනෙකුත් රටවල් ණය කළමනාකරණ වැඩසටහනට මෙතෙක් එකග නොවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ද මහාචාර්ය වසන්ත අතුකෝරාළ මෙහිදී පෙන්වා දුන්නා.

පවතින ඉහළ පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතු බව ද මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

Neth