Thursday, October 24, 2024
Follow Us
IMF ණය ගැන බලාපොරොත්තු තවත් වසරක් ඈතට යනු ඇතැයි අනාවරණයක්

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මන්දගාමීව කටයුතු කිරීම ඊට හේතුව බවයි.

මේ හේතුවෙන් මෙරට ආර්ථිකය ගොඩගැනීමට ඇති හැකියාවද තවත් දුර්වල වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවතින ගැටලුවලට විසදුම් සෙවීමට හැකියාවෙන් සහ දැනුමෙන් යුත් කණ්ඩායමක් නොමැතිවීම ද බරපතල ගැටළුවක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විශේෂඥ, ආචාර්ය නිශාන් ද මෙල් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ මූල්‍ය සහනය මෙම මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා දීමට අවස්ථාව නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි එහිදී පෙන්වා දී තිබුණේ.

මෙවන් පසුබිමක ලබන වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 05 ක ණය මුදලක් බහු පාර්ශවික නියෝජිත ආයතන විසින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා තිබෙනවා. ලබන වසරේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් අමෙරිකානු ඩොලර් බිලියන 03 ක මුදලක් රැස් කර ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.

Neth