Thursday, October 24, 2024
Follow Us
බැංකු නොවන මූල්‍ය ආයතනවල රන් භාණ්ඩ උකස් තැබීම් ඉහළට

මෙම වසරේ පළමු මාස 10 තුළ පුද්ගලයින් රන් භාණ්ඩ උකස් කර රුපියල් බිලියන 193 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එය පසුගිය වසර හා සැසඳීමේදී රන් භාණ්ඩ උකස් කර ජනතාව ලබාගත් මුදල තවත් රුපියල් බිලියන 194 කින් පමණ ඉහළගොස් ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී එම අධ්‍යයනය සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

මෙරට බලපත්‍රලාභී ප්‍රධාන වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් 13 ක් මෙන්ම උකස් කාර්්‍යයයේ නිරතවන ආයතන 10 ක් අධ්‍යයනය සඳහා යොදාගෙන තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ලියාපදිංචිවී ඇති මූල්‍ය ගණුදෙනුකරුවන්ද අධ්‍යයනයට ලක්කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් ජනතාව රන් භාණ්ඩ වැඩි වශයෙන් උකස් කර ඇත්තේ බැංකු නොවන මුල්‍ය ආයතනවලයි. ඒ අනුව බැංකු නොවන අංශයේ උකස් ගනුදෙණු කිරීම සියයට 80 ක පමණ වර්ධනයක් මෙම වසරේ මුල් මාස 10 තුළ දක්නට ලැබෙනවා.

පහළ හා මධ්‍යම ආදායම් ලබන කාණ්ඩවලට අයත් පවුල් වැඩි වශයෙන් සිය රන් භාණ්ඩ උකස් කර ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Neth