Thursday, October 24, 2024
Follow Us
IMF එකගතාවන් පමා වෙයිද? - මහබැංකු අධිපතිගෙන් උත්තර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකගතාව ලබන වසරේ මාර්තු දක්වා ප්‍රමාද වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ එකගතාවය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ යෝජනාව ලබන මස වන විට ඉදිරිපත් කිරීම සිය ඉලක්කය බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ.

කෙසේවෙතත් යම් හෙයකින් එම කාලය තුළ එය ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් ලබන ජනවාරි මස අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට අපේක්ෂා කරන බවද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 24 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල ලෙස අඩු කර ඇති බවයි මහබැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේ.

 

Neth