Thursday, October 24, 2024
Follow Us
උද්ධමනය අඩුවන කාලය මහ බැංකුව හෙළි කරයි

ලබන වසරේ මුල සිට උද්ධමනය ක්‍රමයෙන් අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පුරෝකථනය කරනවා. දේශීය සැපයුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය වෙළද භාණ්ඩ මිල ගණන් පහළ යාම ඇතුළු කරුණු ඊට හේතුවන බවයි මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්ථික පර්යේෂණ ආචාර්ය එල් ආර් සී පද්බේරිය පැවසුවේ.

විදේශ ප්‍රේශන ඉහළ යාමක් සහ සංචාරක ලැබීම් ද ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉකුත් මාස කිහිපයේ දිගින් දිගටම ඉහළ ගිය මෙරට උද්ධමනය පසුගිය මාසයේදී සුළු අඩුවීමක් පෙන්නුම් කළා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ උද්ධමනය දැක්වුණේ සියයට 70 යි දශම 6 ක් ලෙසයි.

Neth