Thursday, October 24, 2024
Follow Us
ප්‍රතිව්‍යුහගතකරණයේදී ආයතනික අරමුණු ගැනත් සිතන්න - ආර්ථික විශේෂඥයෙක් පෙන්වයි

මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා ආරම්භයට තුඩු දුන් මූලික පරමාර්ථ කොතෙක් දුරට ආරක්ෂා කර ගත හැකිද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ආර්ථීක විශේෂඥයින් පවසනවා.

එසේ නොවුවහොත් එම ආයතන ප්‍රතිව්‍යුවහගත කිරීම හරහා පාරිභෝගිකයින් මහා පරිමාණ සූරාකෑමකට ලක්වනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේ.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගත කිරීමේදී එම ආයතන ආරම්භයට තුඩු දුන් පරමාර්ථ ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙහිදී සඳහන් කළේ.

ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි නිර්මාණය කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පැවසුවා.

Neth