Friday, October 25, 2024
Follow Us
ආර්ථික අර්බුදයේ බරපතලම අවධිය පසු කළ බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

2023 වර්ෂය සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය තුළින් උද්දමනයට දැඩිව මුහුණදී සිටින ජනතාව ආරක්ෂා කරගැනීමට වැඩි අවධානයක් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව අඩු ආදායම් ලබන ජනතාවට කෙටි කාලීන විසදුම් ලබාදෙමින් ඔවුන් ආරක්ෂා කරගැනීම සදහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවයි මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.

2023 අයවැය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රයේ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

සිදුවීමට තිබූ ආර්ථික පරිහානිය වළක්වා මේ වන විට ස්ථාවරත්වයකට පත් කර ඇති බවත් ආර්ථික අර්බුදයකට හේතු වූ කරුණු හදුනාගනිමින් ඊට පිළියම් යෙදීම දැන් සිදු කරමින් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

විදේශ ඉපැයීම් වෙනුවට ණය වලින් ජීවත් වූ ක්‍රමය වෙනස් කර ණය මත නොරැදී රට තුළ විදේශ විනිමය ඉපැයීම් හැකියාව වැඩි කර ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

Neth