Friday, October 25, 2024
Follow Us
මහජන බැංකුවේ පට්ට හොරකම් ටිකක් එළියට එයි!

මහජන බැංකුව හා බැංකු පද්ධතිය තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු රාශියක් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් අනාවරණය කර තිබේ.

ගනුදෙනුකරුවන් උකස් කරන ලද රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ ඇතැම් බැංකු නිලධාරීන් විසින් සොරකම් කිරීමේ සිදුවීම් මෙන්ම, බැංකු කාඩ් පත් වල රහස්‍ය අංක සොරකම් කොට මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් පාලනාධිකාරිය විසින් යට ගසා ඇතැයි ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ උප ලේකම් ආර්.යු.ඩබ්.කේ. දිසානායක මහතා විසින් අනාවරණය කර තිබේ.

ප්‍රධාන රාජ්‍ය බැංකුවක් පිළිබඳව ඔහු එම කාරණා අනාවරණය කර ඇත්තේ, Mee Massoo TV අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

බැංකු සේවකයින්ගෙන් ආදයම් බදු අයකිරිම පැහැර හැර එම මුදල් අදාල බැංකු විසින්ම ගෙවා දමන බව පවසන ආර්.යු.ඩබ්.කේ. දිසානායක මහතා, ප්‍රධාන රාජ්‍ය බැංකුවක ඉහල මාණ්ඩලික නිලධාරීන් විසින් වාහන මංකොල්ලයක් සිදුකරන බවට ද චෝදනා කරයි.

එම සිදුවීම් මාධ්‍යයේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා මාධ්‍යයට අල්ලස් ලබා දෙන බවට ද ආර්.යු.ඩබ්ලිව්.කේ. දිසානායක මහතා මෙහිදී බරපතල චෝදනාවක් කර තිබේ.

Mirror