Friday, October 25, 2024
Follow Us
ණය වාරික ගැන මහ බැංකු අධිපතිට පැමිණිල්ලක්

මහ බැංකු අධිපතිවරයාට සංදේශයක්


මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ණයහිමියන් ජීවිත පවා අහිමිකර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මේ බව කියා සියේය.

එමෙන්ම ඒ මහතා පෙන්වා දුන්නේ, ණයහිමියන් සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

ඔහු විසින් මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට සංදේශයක් ද භාරදී ඇත.

Aruna