Friday, October 25, 2024
Follow Us
ඉහළ උද්ධමනය තවත් අවුරුද්දක් - විශ්ලේෂකයින්ගෙන් අනාවරණයක්

මෙරට ආර්ථිකයේ පැවැති අධි උද්ධමනකාරී තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

කෙසේවෙතත් උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ.

ලබන වසරේදීත් මෙරට උද්ධමනය සියයට 30 ක පමණ ඉහළ මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර ඇති බව ද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඉදිරි කාලසීමේවේදී ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ද යම් මට්ටමකින් අඩුවුවත් ඉන්ධන මිලේ සීග්‍ර අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69 යි දශම 8 ක උද්ධමනය සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 66 ක් දක්වා පහළ ගොස් තිබුණා.


Neth