Friday, October 25, 2024
Follow Us
මෙම මස උද්ධමනය සියයට 3යි දශම 8කින් පහළට

මෙම මාසයේ උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ එනම් මෙම මාසයේ උද්ධමනය සියයට 66ක් වන බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 69යි දශම 8ක අගයක් ගෙන තිබුණා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්ධමනය සියයට 3යි දශම 8කින් අඩුවී තිබෙනවා.

ආහාර කාණ්ඩයේ උද්ධමන අගය පසුගිය සැප්තැම්බර් මාසයේදී සියයට 94යි දශම 9ක් ලෙස පැවති අතර එය ඔක්තෝබර් මාසයේදී සියයට 85යි දශම 5ක් ලෙස අඩුවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 57යි දශම 6ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 56යි දශම 3ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තාවල සදහන්.

Neth