Friday, October 25, 2024
Follow Us
නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්

ගනුදෙනු ‌පැවැත්වෙන වේලාව පැය 3ක් වෙයි


ලබන නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක වේ.

පෙරවරු 10.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙනු ඇත.

මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 ක් වේ.

Aruna