Friday, October 25, 2024
Follow Us
බදු ගැසීම යළිත් වෙනස් කරන්න මහ බැංකුවෙන් සැලසුම්

මෙරට ජනතාවගෙන් බදු අයකරගන්නා ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ වර්ථමානයේ සෘජු බදු අයකරන ප්‍රමාණය සහ වක්‍ර බදු අයකරන ප්‍රමාණය වෙනස් නොකිරීමෙන් පවතින ආර්ථික ගැටලුවට සහනයක් ලබාගත නොහැකි බවයි.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා යෝජනා කරන්නේ සියයට 80 ක මට්ටමේ පවතින වක්‍ර බදු සියයට 60 දක්වා ද, සියයට 20 ක මට්ටමේ පවතින ආදායම් බදු සියයට 40 ක් දක්වාද සංශෝධනය කිරීමටයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ ලෝකයේ සෙසු රටවල් හා සාපේක්ෂව ගත් කළ මෙරට බදු ආදායම ඉතා පහළ මට්ටමක ඇති බවයි.

 

Neth