Friday, October 25, 2024
Follow Us
ලොව රටවල් 54ක් ණය අර්බුද අභියස - ඉක්මන් නොවුණොත් ලංකාව අවදානමක

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

ඔහු පෙන්වාදුන්නේ ලොව තවත් රටවල් 54ක් ණය අර්බුදවලට මුහුණපාමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇති බවයි. එබැවින් ගෝලීය ණය අර්බුදයක් ඇති වීමට පෙර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන අවසන් කරගැනීම වාසිදායක බවයි ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

මේ අතර ණය අර්බුදයට ඉක්මණ් විසදුමක් සෙවීම සදහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට උපරිම සහය ලබාදෙන බව ණය දෙන රටවල් 22කින් සැදුම්ලත් පැරිස් සමාජයද ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් සෙසු රටවල්ද ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහනකට එකග කරගත යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වාදුන්නේ.

 

Neth