Friday, October 25, 2024
Follow Us
නිසි අධ්‍යයනයකින් තොරව බදු ඉහළ දමා ඇතැයි ආර්ථික විශ්ලේෂකයින්ගෙන් චෝදනා

සිදු කළ බදු සංශෝධන හේතුවෙන් එහි බලපෑම කාණ්ඩ දෙකකට අත් විදීමට සිදුව ඇති බව ආර්ථික විද්වතුන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට එලෙස බලපෑම් එල්ල වන බවයි.

එම බදු සංශෝධනය හරහා පුද්ගලයින්ගේ පරිභෝජන විශාල වශයෙන් පිරිහී යන බව ද ඔහු සදහන් කළා.

සිදුකළ බදු සංශෝධන හරහා ව්‍යාපාරිකයන්ට වන බලපෑම සම්බන්ධයෙන් ඔහු මෙලෙස කරුණු පැහැදිලි කළා.

පුද්ගලයින්ගේ ආදායම් කඩාවැටෙමින් ඇති පසුබිමක් තුළ නිසි අධ්‍යයනයකින් තොරව බදු සංශෝධනය සිදු කර ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.

neth